Friday, June 24, 2016

තවමත් නොතේරුණිද

නුඹ පාසලට ගියදා මතකද                    අම්මේ
පොත පත පහසුකම් නොමිලෙම දුනි     අම්මේ
නිදහස කියා දුන් ඉගෙනුම අද               අම්මේ
මුදලට විකුණාවි ගොන් තක්කඩි            අම්මේ

ආසයි ඉගෙන ගන්නට සරසවි               පහසේ
එනමුත් විකුණාවි ඉගෙනුම අද              රිසිසේ
අපි උඩ බලන් සිටියොත් තව මේ          විලසේ
නුඹෙ දරුවගෙත් ඉගෙනුම ලඟදිම   කෙලෙසේ

අරගල බිමට ආවේ හිත රිදෙන  නිසා
දුප්පත් දරුවටත් ඉගෙනුම අවැසි නිසා
හොද හැටි බැලුවොතින් ඔබ මේ ගැන විමසා
ඔබටත් වැට හේවි මෙහි ඇති ගිණි වරුසා

No comments:

Post a Comment