Monday, June 27, 2016

උගන්වනු මිනිසත්කම

කුඩා දරුවන්                        හට
ලොකු මිනිසකුම වන්           නට
එපා නිති පවසන්                 නට
සිදුවේය ලොව වනසන්        නට

සෑම විට පව                    සන්න
හොද දරුවකුම                වන්න
මනු සුවද නිති                  දන්න
පුතෙකු දෙරණට            දෙන්න
  
දියත ලස්සන                 කරනා
දෙවියන් වුවද                 වදිනා
යහගුණ                     හදුනනා
පුතු වේය ලොව             වටිනා



No comments:

Post a Comment