Monday, June 27, 2016

අගයමි නුඹව

දුගද දුරලා                     පසෙක
සුවඳ ගල්වා                  මලෙක
සැවොම නහවා            විලෙක
හිදිමි බැස මඩ              වලෙක

ඉහළ රැකියා කෙරු             මට
නොලැබුණිය ඉඩ මා           හට
එහෙත් දිවි රැකු                   මට
සිදුවිය කුණුරොඩු ඇදු          මට

ඔබට සුවසේ                    ඉන්න
යුක්තියෙන් ජීවත්           වන්න
හැකිය කුණු ඇද              ලන්න
උසුළුවට නොසිනා        සෙන්න

No comments:

Post a Comment