Friday, June 24, 2016

හිරු නුඹය

හිරු නැඟ එද්දි වෙල් යායට ගියපු          පියා
අව් වැසි දෙකම එකසේ විද ගත්තු           පියා
මා වෙනුවෙන්ම සැමදා දුක් වින්ද           පියා
කාටත් හොරා ඔබ කොයිබද ගියේ         පියා

හේනේ කෙතේ දහදුක් නුඹ             වින්දාලූ
සාගර පරදවා දහදිය                      හෙලුවdලූ
අප රැක ගැනීමට දිවි කැප             කෙරුවාලූ
අවසන් ගමන් නොකියම නුඹ             ගියාලූ

හිරු කිරණක්ව ආලෝකය දුන්නු           පියා
යහපත් වන්න නිති ඔවදන් දුන්නු           පියා
නොසිතු විලස මා තනිකර ගියපු            පියා
මේ සසරේම අම නිවනට එන්න           පියා

No comments:

Post a Comment