Friday, June 24, 2016

සිනහ පොඳක්

මිතුරු සිත් නිති ගැල     පුනා
සතුරු සිත් පිත් හැප්      පුනා
දුක් සයුරු මැද වැල      පුනා
සිදු වේවි මෙය පුන      පුනා

සතුරු සිත් බිඳිමින්       මනා
දුක සැපට පෙරලන්     විනා
හිඳින කල සැම සිත්     දිනා
ඉන්න ලොව වීලා       සිනා

දැහැමි මෘදු සිත්තම්     තනා
ක්‍රෝධ  ගිණි අතුගා    මනා
මිල මුදල් නොයනා    සිනා
දෙන්න සැම මුවගෙ   සිනා

No comments:

Post a Comment