Friday, June 24, 2016

ආදරය වරදක්ද

නුඹ දුටුව මුල් දිනම

දැණුනි ආදර හිතක්

පවසන්න අදිමදිව

ගතවීය දිගු කලක්

පසුව ඉන් මතු දිනක

පැවසීය ආදරේ බවත්

සවන් නැත යොමු කලේ

අසන්නට ඒ ගැනත්

තිබුණු මිතුදම් පවා

බොදව ගිය සැනයකින්

පසුව මට වැටහුනෙමි

ආදරය වරදක් බවත්

වැටහුනද ඒ බවත්

වරදෙහිය මා තවත්

මෙමට අහිමිව ගියත්

සිත නිතර වැලපුනත්

සදා මං පතන්නෙ

සිනහවයි නුඹෙ තවත්

No comments:

Post a Comment