Friday, June 24, 2016

ගණුදෙනුව

පිවිතුරු හැඟුම් ආවත් සිත ඉප                     දීලා
දිළිඳකු වුයෙන් පෙම් සිත් අසරණ                වීලා
පිවිතුරු පෙම් කතා දියකුස සැග                  වීලා
දැනෙනා සිත් හැඟුම් මුදලට බොඳ               වීලා

දුමක් නඟින විට එහි මහ ගින්                   නක්ය
කහවණු නොමති ආදරෙ දුක් ගඟු              ලක්ය
හදවත උපන් පෙම් සිත් අමු සොහො         නක්ය
ආදරෙ කියන්නෙත් එක් ගණුදෙනු             වක්ය

උදව්වක් ගන්න උදව්ව කරනු                     එපා
ආදරෙ ලබන්නම ආදරෙ කරනු                  එපා
පැරදුණු පෙමට වෛරය පුබුදන්න              එපා
පෙම් සිත්වලට කහවණු ඈදන්න                එපා


 

No comments:

Post a Comment