දුටු දින පටන් මා සිත කුල්මත් වුවා
කිමදැයි කියා සිතටද රහසක් වුවා
කල් ගත වෙද්දි ප්‍රේමය සිත තුළ රදවා
සිතුවිලි දැහැන ප්‍රේමයකින්
සිර කෙරුවා
ප්‍රේමෙන් අන්ධ වී සිත තුන්යම හැඞුවා
හද බැදි ප්‍රේමෙ පවසන්නට මා සිතුවා
පෙම පවසන්න මා සිත බෝ කල් ගෙව්වා
මා හද උපන් කුමරිය නුඹයැයි කිව්වා
ඇසු විගසින්ම සොදුරිය කලබල වුවා
මෙමගෙ වයස පොඩි වැඩියැයි පැව සූවා
ඉපදුණු ප්‍රමාදය ගැන සිත ලත වුවා
සිතුවිලි පොකුරු උඩු සුළගෙහි පොර බැදුවා
නුඹෙ රූපයට මේ රුව ගැලපෙන් නැතිද
මා මග හැරියෙ මා දිළිදකු නිස නොවෙද
නොහදුන විලස යනු කිම පවස නවාද
මිතුරකු ලෙසින් හෝ ඉන්නට මා සිතුවා
මිතුරකු විලස ආ සතුරකු නුඹ සිතුවා
නුඹ නොරිදවා ඉන්නවයැයි හද සිතුවා
එබැවින් දුරස් වී ඉන්නට සිත් සිතුවා
සැමදා නුඹට මගෙ ආලය පුදන් නෙමි
කිසිදා නුඹෙ ප්‍රේමය නොම පතන් නෙමි
නුඹගෙ පැතුම් ඉටුවෙන්නට පතන් නෙමි
සතුටින් ඉන්න මම ආසිරි ගෙනෙන් නෙමි
No comments:
Post a Comment