Saturday, June 25, 2016

රැකගනු මනුෂ්‍යත්වය

අනෙකෙකුගෙ දුක්     සයුරු
දුටුව විට සිත්              මියුරු
නුඹ වේය මට                 හතුරු
ලොව දැන් වෙලා     නපුරු

තවකෙකුව කොට    වන්න
ක්‍රෝධ ගිණි අවු       ලන්න
සතුටු සිත් සිද           ලන්න
එපා රකුසකු             වන්න

උඩගුකම් බිද           ලන්න
මනු ගුණය පුබු         දන්න
තවෙකෙකුගෙ දුක   දන්න
ඔබත් මිනිසකු         වන්න
  

No comments:

Post a Comment