Monday, June 27, 2016

මරණය නියතයකි

තනිව ලොව ඉප           දෙන්නේ
දැඩිව බැමිබැද                 ගන්නේ
දුක සතුට මැද                      ඉන්නේ
තනිව මළගම                 යන්නේ

සුදට සුද කොඩි                 බන්දා
සුදු ඇදුම මට                     අන්දා
සිතෙහි සෝ දුක්              රන්දා
නුඹ මගෙ මිණියටත්       වැන්දා

සැවොම පැමි             නෙන්නේ
කුණු කය බලා              ගන්නේ
ගුණ දොස්ද මුමු          නන්නේ
පසුව පිටවී                   යන්නේ

මිණිය ම‍ගෙ ගෙන      යන්නේ
පස් අතර සග              වන්නේ
සැවොම කදුලින්         යන්නේ
මරණය නියතයක්      වන්නේ


No comments:

Post a Comment