Friday, June 24, 2016

නුඹ දන්නෙනෑතවත්

නුඹව හිමි නැති වුනත්

මට කතා නොකෙරුවත්

හිතෙහි රැදි ආදරේ

නුඹ දන්නෙ නෑ තවත්


පවසන්න හැගුමන් ඇතත්

අසන්නට අකැමති නිසත්

හිත විදින වේදනා

නුඹ දන්නෙ නෑ තවත්

                                                           
නුඹ දුරක කොහි ගියත්

මතු දිනක නෙත නොගැටුනත්

නුඹෙ සතුට පතන බැව්

නුඹ දන්නෙ නෑ තවත්


යුග දිවිය වැරදුනත්

සැවොම තනිකර ගියත්

නුඹ නමින් සිටින බැව්

නුඹ දන්නෙ නෑ තවත්

No comments:

Post a Comment