Friday, June 24, 2016

අවසර දෙනු මැනවි

සංසාරේ ඇවිද ආපූ දුර බොහොමයි                    අම්මේ
මව්පියවරු දහස් ගණන් හමු වී ඇත                   අම්මේ
මව්පියනගේ සිහින පොකුරු ඉටුකරමින්           අම්මේ
සසරෙහි විදි දුක් බොහොමයි සැපතක් නැත      අම්මේ

දියකුස උගතකු කරන්න විදි දුක් නුඹ                අම්මේ
මා හොදහැටි දන්න නිසයි පවසන්නේ             අම්මේ
මේ විලසට සසරෙහි බැමි බැද ගනිමින්            අම්මේ
කොතරම් දුක විදින්නේ වෙද මතු  සසරෙදි      අම්මේ

දසතම බැලුවත් මිනිසුන් විදිනවා දුක්                අම්මේ
දියතෙහි ඇති සැපය කිමද වැටහෙයි මට          අම්මේ
පෙර පිනකට බුදු සසුනත් හමුවී ඇත                 අම්මේ
ගිහිගෙය හැරදා යන්නට අවසර මගෙ              අම්මේ


No comments:

Post a Comment