Friday, June 24, 2016

ආදරෙයි හැමදාමත්

ධනවත්කමට නැහැ ප්‍රේමය කෙරුවෙ     මම
රූපය නිසා නැහැ කුල්මත් වුනේ           මම
හද බැදි පෙමින් අද අසරණ වෙලා          මම
දිවි ඇති තෙක්ම නුඹ හට ආදරෙයි         මම

සොදුරිය නුඹට මගෙ ප්‍රේමය පුදා          ඇත
එනමුත් නු‍ඹෙ ප්‍රේමය අයදලා               නැත
නුඹගේ සතුට නිතරම මා පතා              ඇත
එනමුත් සොදුර නුඹ මා හා කතා          නැත

රන්රිදි යස ඉසුරු නුඹ හට             ලැබේවා
වයසින් උසස් පැතු සැමියම           ලැබේවා
රිසි සේ සුවෙන්  සැප ආයුෂ           ලැබේවා
සතුටින් දිවිය ගත කෙරුමට           ලැබේවා

No comments:

Post a Comment