Saturday, June 25, 2016

සිතා බැලියයුතු කාලයයි

ඉස්සර වගෙ නොවෙයි දැන්නම් අද           කාලේ
පිරිහී නැසී යනවා මනු ගුණ                       රාලේ
ලං ලං වෙන්නෙ මිනිසුන් පිරිහෙන            කාලේ
දැහැමින් ගෙවමු ජීවත් වන ටික                කාලේ

දින සති ගෙවී යන  හැම මොහොතක්      ගානේ
ටික ටික ලං වේවි නිති මරණය                 මාගේ
සසෙර ඇවිද තව යනු බෑ මේ                  වාගේ
එහෙනම් ඉතින් අවුලා වනසමු                රාගේ

මේ භවයේම නිති සීලය රැක                  ගන්න
දුක නසනාවු අරි අට මගෙහිම                  යන්න
කිසිවිට ඔබත් කුසලට නොපමා            වෙන්න
පව්කම් දුරලලා අම නිවනට                     එන්න

No comments:

Post a Comment