Monday, June 27, 2016

නුහුරු සිතුවිල්ල

ලෙක්චස් වලට යනවිට මම මුල්       කාලේ
දේශන පවත්වයි කඩ්ඩෙන් ඇඳු        රාලේ
Yes No  විතරමයි දන්නෙ එම         කාලේ
ආවේ මොකටදැයි මම මහ  ඉස්    කෝලේ

ලෙක්චස් ගියත් නිදිමත එනවා        අම්මේ
යන හැම තැනම පෝලිම් ක්‍රමයයි    අම්මේ
දවල්ට කාලා බඩ දඟලනවා           අම්මේ
ගෙදරම එන්න හිතෙනව මටනම්    අම්මේ

පොත පත බලෙන් සැම විට නිදියා  ගත්තා
කෑමෙ ගුණෙන් මගෙ කය වැරහැලි ගත්තා
මහපොළ පිනෙන් වියදම් පියවා      ගත්තා
කැම්පස් ඇවිත් මං ජීවිතෙ හා         ගත්තා

No comments:

Post a Comment