Monday, June 27, 2016

දැන සිටියා පුතේ

මව නුඹ හැර ගියත්           පුතේ
මා නැත හැර ගියේ           පුතේ
නුඹ රජ කරවන්න            පුතේ
විදි දුක් නුඹ නොදනි         පුතේ

නුඹ ලොකුමිනිසෙකු වන   තුරු
සිටියා බලමින් නිර           තුරු
සැටලිම සවි වී විසි             තුරු
පැවසිය මා හට අන           තුරු

මහලු නිවහනෙහි         අසුනේ
දැම්මත් මා මගෙ         පුතුනේ
නෑ කිසි තරහක්          සිතුනේ
සතුටින් ඉනුමැන         පුතුනේ

No comments:

Post a Comment