Monday, June 27, 2016

උගත්කම

උපාධිය අද                     ඔන්න
හැකිය මුදලට                 ගන්න
අවැසිනම් එය                 ගන්න
මුදල් විසිකර                  ලන්න

උපාධි කොලය             මෙන්න
කැමති හැම අර              ගන්න
එහෙත් දැන                   ගන්න
බැරිය හොද උගතෙකුන්  වන්න

උගත්කම ලොව අග       වන්න
එපා ගොන් පාට් පෙන්    වන්න
උඩගුකම් බිද                ලන්න
මිනිස්කම් දැන              ගන්න

සමාජය රැක                ගන්න
වගකීම ඉටු කර            ලන්න
මිනිසකු ලෙසින්           ඉන්න
හොදම උගතෙකු          වන්න

No comments:

Post a Comment