Monday, June 27, 2016

ඉන්න සතුටින්

සිදු වුණි නුඹට සරසවි පිය                මනින්නට
හදවත උනා දුර යනු දැක                 හඩන්නට
දොඩමළු වෙලා පෙම් ලොව රස        විදින්නට
හැකිදැයි මටත් නුඹ හා එහි             රැදෙන්නට

ඉරණම හරස් වී ජීවිත වෙනස්                වුණා
මගෙ ආදරය නුඹහට විහිළුවක්               වුණා
නුඹ තවකෙකුගෙ අත ගනිමින් ඈත්        වුණා
පෙරදා මතක් වී හදවත ගිලන්                වුණා

බුද්ධිය සමඟ ප්‍රේමය නුඹ පටැල            ගෙන
පිවිතුරු ආදරය නුඹ මග හරැව               ගෙන
එන්නට එපා මා හට මල් වඩම්              ගෙන
සතුටින් ඉන්න එනමුත් මල් පොකුරු      ගෙන

No comments:

Post a Comment