Saturday, June 25, 2016

සමාවෙන්න මට

නුඹ මගෙ පණයි කියලා කිව්ව                 නිසා
අම්මට තාත්තාට නිතරම කීවේ                 මුසා
මව්පිය සහෝදර අකමැති වූව                   නිසා
හදපානේම අවේ නුඹේ වදන්                   නිසා

රැකියාවක් නොකර එහෙ මෙහෙ යන     අරුම
බීලා ඒවී ඉහලට උස්සන්                         සරම
ගුටි බැට වලින් අඩුවක් නෑ මට                  කිසිම
නුඹ හට රැවටී එන්නට මා කළ             කරුම

ගෙදරට හොරෙන් ආ දින සිට මා           අම්මේ
සතුටක් කියා මොහොතක් විද නැ          අම්මේ
නුඹලට පිටුපාලා දුන් ගින්දර                  අම්මේ
විදවමි තනිව නෑ ලග කිසිවෙක්              අම්මේ



No comments:

Post a Comment