පැනින් නහවා නිබඳ
සැවොම සිත් ඇඳ ගන්න
ආලේප ගල්වා වෙළුම
රැක ගතිමි මගෙ කියා
මාන්නය හිස දරා
කාලය ගෙවෙන විට
දැනුණි වෙනසක අරුම
වෙළුම රැලි වැටී ගොස්
රිදුම් දුනි තුවාලය
මමත්වය පෙර දැරිව
රුවට ඇලුණෙ කිමද
පෙර දිනේ ඇලුණු කය
ගෙන දේවි පිළිකුලම
කිමද පෙර නොවැට හුනෙ
කුණු කයෙහි අසාරය
No comments:
Post a Comment