Monday, June 27, 2016

යෝජිත විවාහය

පිළිගත් වෘත්තියක ඔහු නියැලෙන     හින්දා
කහවණු හොඳට අතමිට ගැවසෙන    හින්දා
අම්මා තාත්තා දෙන්නත් කිව්            හින්දා
සැපසේ ඉන්න හිතලා ඔහුවම          බැන්ඳා

බිරිඳගෙ වගකීම් මා නිති ඉටු         කෙරුවා
එනමුදු ආලයක් සිත ඉපදුනෙ          නැතුවා
ඔහු මා හටත් ප්‍රේමය හැර සැම          පිදුවා
ආලය නොමති දීගය කුමටද            සිතුවා

විවාහයක් යනු එක් වගකී                මක්ද
සතුටින් ඉන්න රුපියල විතරක්        ඇත්ද
ආදරෙ විඳින්නට මා හට පින්          නැත්ද
මුදලට ලොබින් දැන්මේ කිම මා        මුද්ද

No comments:

Post a Comment