Monday, June 27, 2016

කුහකයා නුඹය

ලොව නිදන මැදියමෙහි
අඩ අදුරෙ සැගව ගිය
නැගුණු පොදු අරගලෙහි
පසෙක සැගවී සිටිය
දැල්වෙනා තෙලි තුඞින්
එළිය අදුරෙහි සොයන
ස්වාර්ථය පැළද හිස
දියෙහි රජකම් කරන
තවකෙකුගෙ උර මතින්
පා හොවා ඇවිද ගිය
දියත නරගැනන් පෑ
කුහකයා නම් නුඹය



No comments:

Post a Comment