Monday, June 27, 2016

ග්‍රහ අපලය

ලෙඩ රෝග ඇති           වීමට
දුක් සෝක හට        ගැනුමට
කියමි දැන               ගැනුමට
ග්‍රහ අපලයකි ඔබ          හට

පඩරු අර                  ගන්නේ
ග්‍රහ නීච පව            සන්නේ
මෝඩයින් පිළි        ගන්නේ
අදුරේම දිව              යන්නේ

දහම  හැරදා             පසෙක
සිටිති අන්ධව           උසෙක
වැටුප පුදදී                මසෙක
සිටියි පෝළිමේ       අසෙක

මිත්‍යාව පිළි                අරන්
නැකැත් හදහන්        බලන්
සල්ලි යනවා             ගලන්
ඇයිද තව උඩ           බලන්


No comments:

Post a Comment