Monday, June 27, 2016

අවබෝධය ඔබසතුය

බෞද්ධයන් ගොස් බෝ රුක්ෂය          මූලේ
ඉල්ලන්නෙ කිමද ලොව ඇල්මෙහි      මාලේ
බුදුහිමි කෙලෙස්දම් පැරදු බෝ             මූලේ
පැවසුව නොවෙද රැකගනු මැනවියි       සීලේ

වෙසඟෙ කූඩු සාදා බබ                 ළවන්නට
තරගෙට එපා ආමිසයෙන්              පුදන්නට
සැදැහ සිත් ඇතිව ආමිස               කරන්නට
හුරුවුව මැනවි බුදුහිමි නිති             පුදන්නට

පැවිදකු අතින් වු සුළු වරදක්            ගනිමින්
සඟ රුවනටම ගරහන්නෙ බැණ        වදිමින්
පව් පින් පිළිබඳව කිසිවක් නොම      දනිමින්
ඉන්නට සිදු වේවි මහ නිරයෙහි     පැසෙමින්


No comments:

Post a Comment