Monday, June 27, 2016

අපායෙහි තතු

කටු ඉඹුල් ගසෙහි මා
ලේ වැගිර නඟින දා
නෑ කිසිවෙකුත් අසලක
මා හට පිහිට වන්න
සතර අත බැලුවමුත්
දුටිමි රෑනක් කපුටු
ඉගිලවිත් මස් ලොබින්
වියරු ලෙස විය කන්න
වේදනාවට හැඞුවමුත්
නොමත අනුකම්පා කිසිම
පිපාසය නිවලන්න
දුන්නෙ ලෝදිය බොන්න
විදින දුක් සමුදුරෙහි
පෙනෙන ඉමකුත් නොමත
පව් මගෙහි ගෙවෙන තුරු
වේය මෙය විදගන්න

No comments:

Post a Comment