Monday, June 27, 2016

කහවනු අවැසි නැත

සුර සැප විදිනා                 පුතුනේ
නොමතිද අම්මා           පෙනුනේ
යන්නට අවසන්               ගමනේ
පෙර එනුමැනවියි             පුතුනේ

කහවනු කෝටියක්          ගෙනත්
මවගේ අතමිට                තැබුවත්
නෑ ඉන් කිසිවක             ඵලකුත්
සෙනෙහස නොවෙනම්    බිඳකුත්

මගෙ අම්මට සල           කන්නට
බැරි වුණානේ කර           ගන්නට
දුක් වි හඩ ගා                  කියන්ට
සිදුවෙයි නිසකව             හඩන්ට


නුඹ දියතෙහි රජ             කරන්ට
දහදුක් විදි මව්                  පියන්ට
සෙනෙහස දී නිති            රකින්ට
කවුරුත් ඕනෙද              කියන්ට

No comments:

Post a Comment