Saturday, June 25, 2016

ගොන් මොරාල්

ජාතිය ගැන උජා                රුවට
ආගම ගැන මහ                ඉහළට
සිතෙහි හැගුම් යට          ලන්නට
කතා ගොතති අපූ              රුවට

ජාතියට ඇල්මක්                 වත්
තිබේනම් බිදකුත්                වත්
ජාතීන් නොකොටවා           වත්
ඉදින් මින් පසු                      වත්

අන්‍යාගමට බැණ බැණ   ඉන්නට
ජාති ආගම් පා                ගන්නට
ක්‍රෝධ ගිණි අවු             ලන්නට
එපා ඔබ හුරු                  වන්නට

No comments:

Post a Comment