Friday, June 24, 2016

යෝජිත විවාහය

පිළිගත් වෘත්තියක ඔහු නියැලෙන      හින්දා
කහවණු හොඳට අතමිට ගැවසෙන      හින්දා
අම්මා තාත්තා දෙන්නත් කිව්             හින්දා
සැපසේ ඉන්න හිතලා ඔහුවම           බැන්ඳා

බිරිඳගෙ වගකීම් මා නිති ඉටු          කෙරුවා
එනමුදු ආලයක් සිත ඉපදුනෙ           නැතුවා
ඔහු මා හටත් ප්‍රේමය හැර සැම           පිදුවා
ආලය නොමති දීගය කුමටද             සිතුවා

විවාහයක් යනු එක් වගකී                 මක්ද
සතුටින් ඉන්න රුපියල විතරක්         ඇත්ද
ආදරෙ විඳින්නට මා හට පින්           නැත්ද
මුදලට ලොබින් දැන්මේ කිම මා         මුද්ද

No comments:

Post a Comment