Friday, June 24, 2016

දිරියකත අම්මා

ලේ කිරි වුනා දැයි මම දන්නෑ             අම්මා
දසමස ඉසිලු බර මම දන්නෑ               අම්මා
අහසක් උසට සෙනෙහස දුන්නා         අම්මා
මා වෙනුවෙන්ම තව වෙහෙසෙනවා    අම්මා

ගංගා ජලය ගලමින් පහළටයනවා
සෙනෙහස පුරවගෙන මගෙ අම්මාඑනවා
දුකිකින් සිටින විට නිති මා සන  සනවා
අම්මේ නුඹ නිසා වන මල් පිබි        දෙනවා

පියතුම වියෝවී ගියදා සිට             අම්මේ
මා වෙනුවෙන්ම දිවි කැප කෙරුවා  අම්මේ
මේ ලෝකයේ මා රජ කරවු            අම්මේ

මේ භවයේම නිවනට ඒවා             අම්මේ

No comments:

Post a Comment