Monday, June 27, 2016

කදුළු මතින් පියඹුහ

තිබුණු අඟ හිඟ        අස්සේ
තමයි පුතු එළි        බැස්සේ
රකින්නට පුතු        සිත්සේ
ගියෙ කදුළැලි         අස්සේ

කිරි දෙමින් සන      සන්න
ගී ගයා නල            වන්න
මෘදු සිනහා දැක      ගන්න
බැරි වුණා ලඟ        ඉන්න

කාසි ඇහිඳන්         එන්න
උනා පිටරට           යන්න
පුතේ නුඹ නොහ    ඞන්න
බැරිය දුක වා          වන්න

No comments:

Post a Comment