Monday, June 27, 2016

අවබෝධය ඔබසතුය

බෞද්ධයන් ගොස් බෝ රුක්ෂය          මූලේ
ඉල්ලන්නෙ කිමද ලොව ඇල්මෙහි      මාලේ
බුදුහිමි කෙලෙස්දම් පැරදු බෝ             මූලේ
පැවසුව නොවෙද රැකගනු මැනවියි       සීලේ

වෙසඟෙ කූඩු සාදා බබ                 ළවන්නට
තරගෙට එපා ආමිසයෙන්              පුදන්නට
සැදැහ සිත් ඇතිව ආමිස               කරන්නට
හුරුවුව මැනවි බුදුහිමි නිති             පුදන්නට

පැවිදකු අතින් වු සුළු වරදක්            ගනිමින්
සඟ රුවනටම ගරහන්නෙ බැණ        වදිමින්
පව් පින් පිළිබඳව කිසිවක් නොම      දනිමින්
ඉන්නට සිදු වේවි මහ නිරයෙහි     පැසෙමින්


මරණය නියතයකි

තනිව ලොව ඉප           දෙන්නේ
දැඩිව බැමිබැද                 ගන්නේ
දුක සතුට මැද                      ඉන්නේ
තනිව මළගම                 යන්නේ

සුදට සුද කොඩි                 බන්දා
සුදු ඇදුම මට                     අන්දා
සිතෙහි සෝ දුක්              රන්දා
නුඹ මගෙ මිණියටත්       වැන්දා

සැවොම පැමි             නෙන්නේ
කුණු කය බලා              ගන්නේ
ගුණ දොස්ද මුමු          නන්නේ
පසුව පිටවී                   යන්නේ

මිණිය ම‍ගෙ ගෙන      යන්නේ
පස් අතර සග              වන්නේ
සැවොම කදුලින්         යන්නේ
මරණය නියතයක්      වන්නේ


අභය දෙනුමැන

දැනෙන මහ සා        ගින්න
බිඳක් පුරවා             ගන්න
අහරක් සොයන්      කන්න
උණා හේනට          යන්න

උගුලකට විය අසු     වන්න
බැරිවීය ඉන් ගැල   වෙන්න
වීය දරැවන් සිහි        වන්න
උණා දුක් විද මිය   දෙන්න

හේනක් කොටා       ගන්න
මුදලක් ගෙවා         කන්න
කිසිත් බෑ කර         ගන්න
බිඳක් මට දන්        දෙන්න

අරගලය

අධ්‍යාපනය නඟාලු
සෞඛ්‍ය දිනාලු
නිදහස මුදාලු
ශක්තිය........

ධනපතියාව වළලා ලු
පාලකයා වනසා ලු
දුප්පතා දිනා ලු
ශක්තිය........

ප්‍රතිපත්ති මැඞලා ලු
මුදල යටලා ලු
සහයෝගය දිනා ලු
ශක්තිය........

රජවෙන්න නොසිතමි

රජ ඇදුම ඇද                  ගත්තු
පෝරුව මතයි                පුත්තු
රජ වුනයි මව                 සිත්තු
දෙයි පුතුට ලොකු      තොත්තු

මව යේලි බැණ              ගත්තු
පොර බදති සේ              සත්තු
ගිනි ඇවිල යයි               පත්තු
අසරණ වෙලා                පුත්තු

වගකීම උර                   ගත්තු
සතුට නැති කර             ගත්තු
ජීවිතය හා                     ගත්තු
මොඩකම කර             ගත්තු     


උගත්කම

උපාධිය අද                     ඔන්න
හැකිය මුදලට                 ගන්න
අවැසිනම් එය                 ගන්න
මුදල් විසිකර                  ලන්න

උපාධි කොලය             මෙන්න
කැමති හැම අර              ගන්න
එහෙත් දැන                   ගන්න
බැරිය හොද උගතෙකුන්  වන්න

උගත්කම ලොව අග       වන්න
එපා ගොන් පාට් පෙන්    වන්න
උඩගුකම් බිද                ලන්න
මිනිස්කම් දැන              ගන්න

සමාජය රැක                ගන්න
වගකීම ඉටු කර            ලන්න
මිනිසකු ලෙසින්           ඉන්න
හොදම උගතෙකු          වන්න

කුහකයා නුඹය

ලොව නිදන මැදියමෙහි
අඩ අදුරෙ සැගව ගිය
නැගුණු පොදු අරගලෙහි
පසෙක සැගවී සිටිය
දැල්වෙනා තෙලි තුඞින්
එළිය අදුරෙහි සොයන
ස්වාර්ථය පැළද හිස
දියෙහි රජකම් කරන
තවකෙකුගෙ උර මතින්
පා හොවා ඇවිද ගිය
දියත නරගැනන් පෑ
කුහකයා නම් නුඹය